විදෙස් ගමන් බලපත්‍ර ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්..

Sri Lanka Passport
By Aruna Feb 14, 2023 02:45 AM GMT
Aruna

Aruna

Report

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඊයේ ඇතිවූ දෝෂයක් නිසා විදෙස් ගමන් බලපත්‍ර ලබා දීමේ පවතින ප්‍රමාදය මත දැනට විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට වේලාව සහ දිනය වෙන්කරවාගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසට ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම කඩිනමින් සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම ඔහු පැවසුවේ, ඊයේ දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලුදෙනාටම අද (14) දිනයේ පෙරවරු 12.00න් පසුව සිය විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙසටය.

අද දින පැමිණිය නොහැකි අයට තැපැල් මගින් යවන බවද පවසයි.

අදට නියමිත ගමන් බලපත්‍ර හෙට දින ලබාදීමට කටයුතු කරන බව ද පවසයි.

සදුදා වන විට යළි සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකි බව ද සදහන් කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now