පාස්කු ප්‍රහාරය ගැන මෙරට ආගමික නායකයෙකුගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ FBI ආයතනය සොයා ගත් කරුණු අනුව සහරාන් සමග සබඳතා පැවැත්වූ අයෙකුට සම්බන්ධ IP address එකක් ශ්‍රී ලංකාවේ බුද්ධි අංශයට ලබා දී තිබුණු බව මීගමුව, කුරණ ශාන්ත ආනා කතෝලික දේවස්ථානයේ මීසම් පාලක ආචාර්ය සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා හෙළි කර තිබෙනවා.
මව්බිම පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසා ඇත්තේ, එම තොරතුර සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කර නොමැති බවයි.
“FBI ආයතනය ඇවිල්ලා මේ පිළිබඳව පරීක්ෂණ කරල ඉවර වුණාට පස්සේ ඔවුන් IP address එකක් දීලා යනවා අපේ බුද්ධි අංශයට.
මේ අයි පී ඇඩ්‍රස් එක සහිත දුරකතනය පාවිච්චි කරපු කෙනා කවුද කියලා එතනින් එහාට විමර්ශනය කිරීම සිද්ධ වුණේ නෑ.
මේ පුද්ගලයා සහ සහරාන් අතර තිබුණු සම්බන්ධය මොකක්ද කියන එක හොයා ගත්තා නම් හරියට මේකෙ සත්‍යය හොයා ගන්න පුළුවන්,” යනුවෙන් සිරිල් ගාමිණී පියතුමා විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
ඔහු සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |