දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමාවෙයි
By Kanchana
දක්ෂිණ අධිවේගී මාර්‌ගයේ ගැලනිගම - දොඩංගොඩ කොටසේ මාතර දෙසට වන මංතීරුවේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ධාවනය එක් මංතීරුවකට සීමාවී තිබෙන බව අධිවේගී මාර්‌ග කොට්ඨාසය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව 2026.05.01 දින දක්ෂිණ අධීවේගී මාර්‌ගයේ ගැලනිගම දොඩංගොඩ අතර කිලෝමීටර් 17 හා 19, 28 හා 30 යන කොටස් දෙකෙහි මාතර දෙසට දිවෙන මාර්‌ගයේ අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර ඇත.
මෙම කොටස් දෙක අතර රථවාහන ධාවනය කොළඹ දෙසට ඇති මංතීරු 02 දෙපසට ගමන් කළ හැකි පරිදි බෙදා රථවාහන ධාවනයට කටයුතු සලසා තිබේ .
මෙම හේතුවෙන් එම ස්ථාන ආසන්නයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් හා අනතුරු සිදුවිය හැකි බැවින් එම ප්‍රදේශ හරහා ගමන් කිරීමේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.