ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ප්‍රහාරයක්..

Ministry of Education
By Sithumi Dec 13, 2022 04:54 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමන්ට පහරදුන් බවට පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

  පහරකෑමට ලක්වූ බව කියන පුද්ගලයා බණ්ඩාරගම පොලිස් ස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී සිහිසුන්වී ඇදවැටී ඇති අතර පසුව සුවසැරිය ගිලන් රථයක් මගින් ඔහුව බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කෙරුණා. 

පානදුර දිග්ගල ප්‍රදේශයේ ජාතික නිදහස් පෙරමුණේ හිටපු සංවිධායකවරයෙකු වන ඔහු තම මිතුරෙක් සමග අවමංගල්‍ය නිවසකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා තමාට පහරදුන් බවට චෝදනා කරයි. කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ, තමා එවන් කිසිඳු පහරදීමකට සම්බන්ධ නොවූ බවයි.

  බණ්ඩාරගම පොලීසිය පවසන්නේ, පහරකෑ බව කියන පුද්ගලයා විසින් ජයන්ත සමරවීර මහතා තමාට පහරදුන් බවට පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවය. මේ අතර එම පුද්ගලයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයත්න සමරවීර මහතාට පහරදීමට උත්සාහ කළ බවට මන්ත්‍රීවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා විසින් ද පැමිණිල්ලක් සිදුකර තිබේ.