ඉන්ධන QR කේතය ගැන පාර්ලිමේන්තුවේදී මීට සුළුමොහතකට පෙර දුන් නිල ප්‍රකාශය මෙන්න
By Aylin Zoya
ඉන්ධන බෙදාහැරීම සඳහා ක්‍රියාත්මක කර ඇති QR කේත ක්‍රමය ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
අද (19) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉන්ධන පරිභෝජනය හැකිතාක් දුරට අවම කිරීමේ අරමුණින් මෙම ක්‍රමය ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව, ඉන්ධන බෙදාහැරීමේ පාලනය හා කළමනාකරණය තවදුරටත් විධිමත් කරමින් QR කේත පද්ධතිය භාවිතා කරනු ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.