සියළුම මන්ත‍්‍රීවරුන්ට රජයෙන් කිසිදු වාහනයක් නොදෙන්න විපක්‍ෂයෙන් විශේෂ යෝජනාවක්..විශ්‍රාම වැටුපත් නැති වෙයි..ආණ්ඩුවේ මන්ත්‍රීන්ට කනේ පාරක්?..

Report

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හෝ රජයේ වාහන ලබාදීම අත්හිටුවිය යුතු බවට පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

දැනටමත් රජය වාහන බල බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති නමුත් රජය විසින් වාහනයක් මන්ත‍්‍රී ධුරය දරන කාලසීමාවට ලබාදීමට සාකච්ඡා කරමින් සිටියි.

නමුත් නව මන්ත්‍රී යෝජනාවෙන් මන්ත්‍රීවරුන් තමන්ගේ ප්‍රවාහන පහසුකම් තමන් විසින්ම සලසා ගත යුතුව තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනපති උපදේශකයෙක් කියූ දෙයින් පිරිසක් මහ බැංකුව වට කරන්න යයි..දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..

ජනපති උපදේශකයෙක් කියූ දෙයින් පිරිසක් මහ බැංකුව වට කරන්න යයි..දැඩි උණුසුම්කාරී තත්ත්වයක්..


විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම යෝජනාව පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස සකසා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාවද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ අතර එය ඉදිරිපත් කරන ලද්දේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වීම ද විශේෂත්වයක්.

You May Like This Video