අද පාර්ලිමේන්තුව රාත්‍රී 09.30 වෙන තෙක්. - විශේෂ කටයුතු රැසක් සමඟින් දැන් පාර්ලිමේන්තුව වැඩ ආරම්භයි. (LIVE VIDEO)
කථානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විට ආරම්භ වී තිබෙනවා.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවූ ආපදා තත්ත්වය පිළිබද සභාව කල්දැමීමේ විවාදය අද (04) පැවැත්වීමට නියමිතයි.
එය කථානායක ආචාර්ය අශෝක රන්වලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පැවති පක්ෂ නායක රැස්වීමේදීයි එම තීරණය කරනු ලැබුවා.
ඒ අනුව අදාළ විවාදය අද පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා පැවැත්වෙනු ඇති.
තවද, ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ දෙදින විවාදය ඊයේ (03) ආරම්භ විය.
ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම, ලබන වසරේ පළමු මාස 04 සදහාවන අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය ද අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණෙනු ඇති.
