හෙට පැවැත්වෙන විශේෂ රැස්වීම

By Sithumi Sep 13, 2022 01:13 PM GMT
Sithumi

Sithumi

Report

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ (පක්ෂ නායක) රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (14) පෙරවරු 10.30ට පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ ලබන සතියේ න්‍යාය පත්‍රය තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පාර්ලිමේන්තුව ලබන සතියේ 20 වැනිදා සිට 23 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.

මේ අතර රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන මාණ්ඩලික මට්ටමේ ගිවිසුම සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඇතුළු කාරක සභා ගණනාවක් තවමත් පිහිටුවා නොමැත. එම කාරක සභා පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.