පාර්ලිමේන්තුවේ නිලධාරිනියට මාස 6ක් ගිහිල්ලත් සාධාරණයක් නෑ - ඉවසීමේ සීමාව පැන්න සේවකයන්ගෙන් ජනපතිට ලිපියක්

Report

හිංසනයට ලක් වූ පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියට එහි පරිපාලනය තවමත් සාධාරණය ඉටු නොකිරීම ඉතාම කණගාටුදායක කරුණක් බව පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ඒ අනුව මෙම හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව එම නිලධාරිනිය විවිධ වාචික හිංසන, අඩන්තේට්ටම් සහ වෙනස් කොට සැලකීමට ලක්කර ඇති බව සිය අවසන් වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර තිබෙන බව සඳහන්.

ඒ අනුව කමිටුව ප්‍රධාන නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරමින් ඇයට සාධාරණය යුක්තිය ඉටු කරන ලෙසටද පාර්ලිමේන්තු පරිපාලනයට දන්වා ඇත. එහෙත් අඳාළ වාර්තාව කථානායකවරයාට භාරදී මාස හයකට වැඩි කාලයක් ගතව ඇතත් තවමත් එහි නිර්දේශ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්

18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්

එමෙන්ම හිටපු මහාධිකරණ විනිසුරුවරයකු දුන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසෙක තබා එහි ඇති කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරිනියක ලවා වාර්තාවක් කැඳවීම වෙනත් යටි අරමුණකින් කරන ලද කටයුත්තක් බව සඳහන් කරන සේවකයන් මෙවැනි දේවලින් සිදුවන්නේ නිලධාරිනියට සාධාරණය යුක්තිය ඉටුවීම පමාවීම බවද අවධාරණය කරයි.

ඔවුන් අඳාළ ලිපියෙන් රටේ සැමට එක නීතියක් ක්‍රියාත්මක කිරීමට පැමිණි රජයකින් තමන් බලාපොරොත්තු වන්නේ යුක්තිය සාධාරණය පමණක්ම බවද පෙන්වා දී ඇත.

තවද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ රටේ ප්‍රසිද්ධ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය ගණනාවක් මේ කාරණය සම්බන්ධයෙන් දිගින් දිගටම කරුණු පෙන්වාදී තිබුණද සාධාරණය ඉටුව නැති හෙයින් වහා මැදිහත්ව ඇයට යුක්තිය සාධාරණය ඉටු කර දෙන ලෙසයි.

"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි

"ඩොලරය 450ට ගියත් කමක් නෑලු" - මුදල් අමාත්‍යාංශයේ කෙරුවාව නාමල් රාජපක්ෂ රටටම හෙළි කරයි

පාර්ලිමේන්තුවේ නිලධාරිනියට සිදුවූ හිංසනය සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද මුල සිටම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ බව දක්වන එම සේවකයන් එය කාගේ හෝ බලපෑමකට සිදුවූ දෙයක් බවද පවසයි.

කෙසේ වෙතත් මෙම හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහත්වරු පාර්ලිමේන්තුවේදී ද ඉකුත් දිනවල කරුණු ඉදිරිපත් කර තිබුණා.

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න