පාර්ලිමේන්තු කොරෝනා රැල්ල තවත් ඉහළට.. අද හමු වූ මන්ත්‍රීවරුන් මෙන්න.
Mahindananda
Dilip wedaarachchi
Parliament Covid
Janaka thissakuttiarachchi
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්සකුට්ටිආරච්චිට සහ සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ අනුව තුන්වන රැල්ලේ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇති.
මේ වනවිට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායකට කොරෝනා වැළඳී තිබෙනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ සවස ඇතිවූ දැඩි හිසරදය හේතුවෙන් කරන ලද කොරෝනා පරීක්ෂණයේදී තමාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.
ඒ අනුව ඔහුගේ පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |