පාර්ලිමේන්තුවේ පුරප්පාඩු කථානායක ධූරයට නම් 03ක් යෝජනා වෙයි..දකුණටත් 01ක්..එම තුන්දෙනා මෙන්න.
පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වී ඇති කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තාවනවා.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලපත්ති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි යන මහත්වරුන් එසේ යෝජනා වී ඇති අය බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් දැනට ගෙන නැති අතර ඉදිරි දින කිහිපයේදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනෙනු ඇති.
එළඹෙන 17 වැනිදා පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර එහිදී නවකතානායක පත් කිරීමට පළමුව කටයුතු කරනු ලැබේ.
You May Like This Video