පනාමුර පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්..බිරිඳගේ පැමිණිල්ල නිසා සිදු වූ දේ.

Police Sri Lanka Picketing Panamura
By Aruna Nov 17, 2021 07:02 AM GMT
Aruna

Aruna

Report

පනාමුරේ පොලිස් ස්ථානය තුළදී තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.

මේ අතර සිද්ධියේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 03ක් අනුයුක්ත කර ඇති බවද පොලිසිය පැවසීය.

පනාමුරේ පොලිස් සිරමැදිරියේ දී තරුණයෙකු මියයෑමේ සිදුවීමක ට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය අවට රැස්වී සිටියා.

පවුල් ආරවුලක් මත බිරිඳ සිදුකළ පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගැණුනු පනාමුර, වැලිපොත යාය පදිංචිකරුවෙකු වූ 38 හැවිරිදි තිදරු පියෙකු පොලිස් සිරමැදිරියේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වුණි.

පොලීසිය පැවසුවේ එම සැකකරු රෝහල් ගතකිරීමේදී මියගොස් සිටි බවය.

එම සිද්ධිය සැලවීමත් සමග කුපිතවූ ප්‍රදේශවාසීන් අද (17) පෙරවරුවේ පනාමුර පොලිස් ස්ථානය ඉදිරිපිට රැස්ව අදාළ මරණය සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha