ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තරයේ ඉහළට ඔසවමින් පාලිත බණ්ඩාරගෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්

By Malith Madushan Jul 30, 2026 10:25 AM GMT
Report

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් පදක්කමක් දිනා දීමට පැරා ක්‍රීඩක පාලිත බණ්ඩාර සමත් විය.

පිරිමි පැරා කවපෙත්ත විසිකිරීමේ ඉසව්වට එක් වූ පාලිත බණ්ඩාර අවසන් තරගයේදී මීටර් 46.84ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමි කර ගත්තේය. මෙම දක්ෂතාව ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද වාර්තා වූ අතර, එය ශ්‍රී ලංකා පැරා ක්‍රීඩා ක්ෂේත්‍රයට තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් එක් කළ අවස්ථාවක් විය.

මීට පෙර 2022 වසරේ බර්මින්හැම්හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදීද රිදී පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පැරා පදක්කම්ලාභියා බවට පත්වූ පාලිත බණ්ඩාර, මෙවර තරගාවලියේදීද සිය දක්ෂතා තහවුරු කරමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට සමත් විය.

ලෝකෙම හොල්ලපු ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයාත් අද තරග බිමට

ලෝකෙම හොල්ලපු ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූරයාත් අද තරග බිමට

''මම අදත් ක්‍රීඩා කරන්නේ ඇය වෙනුවෙන්' - සොහොයුරියගේ වියෝව සහ සැත්කම් හතක් මැද පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම හඹා යන ක්‍රීඩිකාව

''මම අදත් ක්‍රීඩා කරන්නේ ඇය වෙනුවෙන්' - සොහොයුරියගේ වියෝව සහ සැත්කම් හතක් මැද පොදුරාජ්‍ය මණ්ඩල පදක්කම හඹා යන ක්‍රීඩිකාව