බංගලාදේශට සිදුවුනේ අසාධාරණයක් - පකිස්ථානය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වෙයි..

Report

කලාපයේ භූ දේශපාලනික ගැටලු ක්‍රිකට් ක්‍රීඩාව තුළට ඇද ගෙන එමින් තිබෙන තත්ත්වය තීව්‍ර වෙමින් පවතී. වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩාව තුළින් රටවල් එකමුතු කිරීමේ නියාමනයක් ලෙස පැවති සංකල්පය අද වන විට බොහෝ දුරට අහිමි වී ඇති බව දැකීම වේදනාවකි.

මේ වන විට 2026දී ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව පවත්වනු ලබන පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියට පාකිස්තාන කණ්ඩායම සහභාගී වේද යන්න අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සභාපති මොහ්සින් නක්වි මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, අවසන් තීරණය පාකිස්තාන රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ගන්නා බවයි.

දෝනි ලෑස්තියි - පිටිය උණුසුම් වෙන්න සියල්ල සූදානම්

දෝනි ලෑස්තියි - පිටිය උණුසුම් වෙන්න සියල්ල සූදානම්

බංග්ලාදේශය මෑතකදී ආරක්ෂක ගැටලු හේතුවෙන් ඉන්දියාවේ තම තරග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ICC විසින් ඔවුන් නිල වශයෙන් තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, එම ස්ථානයට ස්කොට්ලන්තය පත් කර ඇත. මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් නක්වි ICC ඉන්දියාවට පක්ෂග්‍රාහී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කර ඇති අතර, බංග්ලාදේශයට සිදුව ඇත්තේ අසාධාරණයක් බව ප්‍රකාශ කර තිබේ.

“ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම පිළිබඳ අවසන් තීරණය පාකිස්තාන රජය මට ලබා දෙන උපදෙස් මත පමණක් රඳා පවතී,” ඔහු පැවසීය. “අගමැතිවරයා දැන් රටෙන් පිටත සිටින අතර, ඔහු නැවත පැමිණි පසු මෙම තීරණය රජයට ලබා දෙනු ඇත. අපි කීකරු වන්නේ අපේ රජයේ තීරණයටයි, ICCට නොවේ.”

නක්වි මෙහිදී අවධාරණය කළේ මෙම ගැටලුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ගොස් ජාතික ප්‍රතිපත්ති මට්ටමට යොමු වී ඇති බවයි.

බංග්ලාදේශයේ මෙම තීරණයට හේතු වූයේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් IPL 2026 සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් බංග්ලාදේශ ඉවර් බෝලර් මුස්තාෆිසුර් රහ්මාන් නිදහස් කරන ලෙස නියෝග කිරීමයි. මෙය ඉන්දියාව හා බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිරිහී යාම මධ්‍යයේ සිදු වූ අතර, බංග්ලාදේශය එය ආරක්ෂක ගැටලුවක් ලෙස හඳුන්වමින් තම තරග ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට ඉල්ලා සිටියේය. ICC එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළහ.

ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් පිල සීතල යුද්ධෙක - ක්‍රීිඩා නොකළහොත් කරන්නේ මේකයි ICC එකත් තව දැඩි වෙයි

ICC සහ බංග්ලාදේශ ක්‍රිකට් පිල සීතල යුද්ධෙක - ක්‍රීිඩා නොකළහොත් කරන්නේ මේකයි ICC එකත් තව දැඩි වෙයි

පසුගිය සතියේ ICC විධායක මණ්ඩල රැස්වීමේදී බංග්ලාදේශයට සහාය දුන් එකම සාමාජිකයා වූයේ පාකිස්තානය බව ද සඳහන්ය. නක්වි මෙම තත්ත්වය විවේචනය කරමින් බංග්ලාදේශයට සිදුව ඇත්තේ අසාධාරණයක් බවත්, ICC එක රටකට (ඉන්දියාවට) විශේෂ ප්‍රතිලාභ ලබා දෙමින් අනෙක් රටවලට වෙනස් පිළිවෙතක් අනුගමනය කරන බවත් පෙන්වා දුන්නේය.

පාකිස්තානය තරගාවලියෙන් සම්පූර්ණයෙන් ඉවත් විය හැකි බවට දේශීය වාර්තා තිබුණද, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ එය තහවුරු කර නැත. නක්වි ප්‍රකාශ කළේ, රජය තරග නොකළ යුතු යැයි තීරණය කළහොත් ICC විසින් 22වැනි කණ්ඩායමක් (ස්කොට්ලන්තයෙන් පසු) ඇතුළත් කළ හැකි බවයි. පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ වන විට තරගාවලිය සඳහා සූදානම් කටයුතු නැවැත්වීමට ද තීරණය කර ඇති බව වාර්තා වේ.

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?

අද ලග්න 05කට විශේෂ අවධානයක්! ඔබත් ඒ අතරද?