පකිස්ථානු යුද නැවක් කොළඹ වරායට
By Gagana News
පකිස්ථානු නාවික හමුදාවට අයත් නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇති බව වාර්තා වේ. ඊයේ (04) කොළඹ වරායට පැමිණි මෙම නෞකාව නාවික හමුදාව සාම්ප්‍රධානුකූලව පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙම නෞකාවෙන් නාවික හමුදා නිලධාරීන් 243ක් පැමිණ ඇති අතර ඔවුන් කොළෂ ආකර්ශණීය සථාන කිහිපයක් නැරඹීමට නියමිතයි.
මෙම යුද නෞකාව අද දින දිවයිනෙන් පිටව යන බවද සඳහන් කරයි.