නැවත ඇරඹෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය

Report

2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය තාවකාලිකව නවතා තැබූ අතර එම තරගාවලිය නැවත ආරම්භ කිරීමට අඳාළ සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

එළඹෙන මැයි 17 වන දා මෙසේ නැවත එම තරගය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

එසේම සුපර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 වැනි දින පැවැත්වීමට ද කටයුතු සුදානම් බව සඳහන්.

පසුගිය දිනවල ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් මෙම තරගාවලිය අත්හිට වීමට කටයුතු කර තිබුණා.

එසේම ඉන්දියාවේ ද යුධ ගැටුම් තත්ත්වය හේතුවෙන් පසුගියදා IPL තරඟ සියල්ලම කල් දැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණ ගෙන තිබුණා.

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

එම තරග ද මැයි මස 17 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව සඳහන්.