තවත් දැරියකට ගුරුවරයෙක්ගෙන් ලිංගික අතවර

Report

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මඟින් ලිංගික අතවර චෝදනාවක් මත ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

දන්සල් වඳින්න යන්නෙ බලාගෙන

අදාළ දැරිය හොඳින් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන බැවින් ඇය සමඟ ඔහු සමීපව කටයුතු කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පවසන්නේ මේ පිළිබඳව ලැබී ඇති පෙත්සම් කිහිපයක් සමඟ දැරියගෙන් ප්‍රකාශ ලබා ගත් බවයි.

ඒ අනුව මෙම ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

'ටීචර් අම්මා' ව හැංගුවේ පොලිස් සහයන් ද? - විමර්ශන කටයුතු දිගටම..

අඳාළ දැරිය මේ වන විටත් මාතර මහ රෝහල වෙත වෛද්‍ය පරීක්ෂණ සදහා ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලිංගික අතවර සහ ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීමේ චෝදනා මතයි.