පාකිස්තානයේ නව අගමැති ගැන අලුත්ම ආරංචිය මෙන්න..ලංකාවෙත් එහෙම වෙයි?.

Pakistan Imran Khan World Bank Current Political Scenario
By Aruna Feb 14, 2024 01:56 AM GMT
Aruna

Aruna

Report

පාකිස්තානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස නවාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ, පකිස්තානයේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂය රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව භූතෝගේ පීපීපී පක්ෂය සඳහන් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා අවධාරණය කළේ.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අසන 75 සහ භූතෝගේ පීපීපී පක්ෂය ආසන 54 බැඟින් ලබා ගෙන ඇත.

අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට තම පක්ෂය සහාය දක්වන බව භූතෝ පවසන අතර, ඔහු මීට පෙර කියා සිටියේ එය කැබිනට් තනතුරු නොගන්නා බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි.

මැතිවරණය තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවයි, ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය අවධාරණය කර ඇත්තේ.