දේශපාලන ආතතීන් මැද යළිත් පුපුරා ගිය සංස්කෘතික විවාදය- බැංගලෝරුවේ පාකිස්තාන ටෙලි නාට්‍ය වැඩසටහන් නවතා දැමූ හැටි මෙන්න
ඉන්දියාවේ බැංගලෝරු නගරයේ ජනප්‍රිය පාකිස්තාන ටෙලි නාට්‍යයක් වන ‘Dar-e-Nijaat’ නැරඹීම සඳහා සංවිධානය කළ පෞද්ගලික වැඩසටහන් දෙකක් සමාජ මාධ්‍ය විරෝධතා සහ පොලිස් මැදිහත්වීම් හේතුවෙන් අවලංගු කර තිබේ.
අදාළ ටෙලි නාට්‍යය නැරඹීම සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් සහ පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වූ විශේෂ දර්ශනයක් සංවිධානය කර තිබුණි. එහෙත් ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලන ආතතීන් හමුවේ එම වැඩසටහන්වලට දැඩි විරෝධයක් එල්ල විය
. පාකිස්තානයේ ARY Digital නාලිකාව ඔස්සේ විකාශය වන මෙම ටෙලි නාට්‍යය ඉන්දියානු ප්‍රේක්ෂකයන් අතරද ජනප්‍රිය වී තිබේ. එහි නිල නාලිකාව ඉන්දියාවේ අවහිර කර තිබුණද, වෙනත් යූටියුබ් නාලිකා ඔස්සේ එය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබේ. මීට පෙර නවදිල්ලි නුවරද මෙවැනි වැඩසටහනක් පැවැත්වූ අතර, එයද සමාජ මාධ්‍ය තුළ විවාදයට ලක්විය.
මේ අතර, පාකිස්තාන විනෝදාස්වාද නිර්මාණ ඉන්දියාව තුළ තහනම් කිරීමට නීතිමය ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස All Indian Cine Workers Association සංවිධානය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන ගැටුම් හේතුවෙන් දෙරටේ කලාකරුවන් සහ විනෝදාස්වාද ක්ෂේත්‍ර අතර සබඳතා අවස්ථා ගණනාවකදී සීමා වී තිබේ.
2016 උරි ප්‍රහාරයෙන් සහ 2019 පුල්වාමා ප්‍රහාරයෙන් පසු එම තත්ත්වය තවත් උග්‍ර විය.
කෙසේ වෙතත්, යූටියුබ් වැනි අන්තර්ජාල වේදිකා ඔස්සේ පාකිස්තාන ටෙලි නාට්‍ය, සංගීතය සහ කලා නිර්මාණ කෙරෙහි ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව යළිත් ඉහළ යමින් පවතී. මෙම සිදුවීමත් සමඟ දේශපාලන මතභේදවලින් සංස්කෘතික සබඳතා වේ.