හදිසියේම රජයේ අමාත්‍යංශ 6ක් වහලා..ක්‍රියාත්මක වන පරිදි රජයේ තනතුරු රැසක් අහෝසි කරයි ..

Pakistan World Job Opportunity
By Piyumika Oct 03, 2024 12:31 PM GMT
Piyumika

Piyumika

Report

පරිපාලන වියදම් අවම කිරීමේ ප්‍රයත්නයක් ලෙස පකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස රජයේ තනතුරු 150,000ක් පමණ අහෝසි කිරීමටත්, අමාත්‍යාංශ හයක් වසා දැමීමටත්, තවත් දෙකක් ඒකාබද්ධ කිරීමටත් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

සැප්තැම්බර් 26 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවසානයේ ආධාර පැකේජයට අනුමැතිය ලබා දුන් අතර පාකිස්ථානය වියදම් කපා හැරීමට, බදු හා දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය වැඩි කිරීමට, කටයුතු කිරීමෙන් පසු පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1කට වැඩි මුදලක් නිකුත් කළා.

අදාළ සාකච්ඡා සඳහා සහභාගි වී අමෙරිකාවේ සිට ආපසු පැමිණි පසු මාධ්‍ය අමතමින් මුදල් අමාත්‍ය මුහම්මද් අවුරන්සෙබ් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙලක් අවසන් කර ඇති බවත් එය පකිස්ථානයේ අවසාන වැඩසටහන වන බවයි.

ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස..

ආලෝක බණ්ඩාර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස..

"එය අවසාන වැඩසටහන බව ඔප්පු කිරීමට අපගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි" යනුවෙන් ඔහු එහි දී සඳහන් කළ අතර G20 සමඟ සම්බන්ධ වීමට නම් ආර්ථිකය විධිමත් කළ යුතු බව ද ඔහු එහි දී අවධාරණය කර තිබුණා.

තව ද අමාත්‍යාංශ තුළ ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවෙමින් පවතින බවත් අමාත්‍යාංශ හයක් වසා දැමීමේ තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර අමාත්‍යාංශ දෙකක් ඒකාබද්ධ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා එහි දී පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අලුතින් පත්වුණු වරාය අධිකාරියේ නව සභාපති මේ වගේ කෙනෙක් කියල දන්නවද..

අලුතින් පත්වුණු වරාය අධිකාරියේ නව සභාපති මේ වගේ කෙනෙක් කියල දන්නවද..

ඒ අනුව විවිධ අමාත්‍යාංශ හරහා තනතුරු 150,000ක් පමණ ඉවත් කෙරෙනු ඇති බවත් ඔහු සඳහන් කළ බව එම මාධ්‍ය වාර්තා පවසනවා.