පළාත් 7ක් සඳහා දරුණු තත්ත්වයක් ප්‍රකාශයට - මීට සුළු මොහොතකට කලින් රජයෙන් විශේෂ නිවේදනයක්

Report

දිවයිනේ පළාත් 7ක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මධ්‍යම, සබරගමුව, උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ ඌව යන පළාත් සඳහා අද (21) පූර්වාහ්න 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (22) පූර්වාහ්න 1.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව අදාළ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළංද ඇති විය හැකි අතර, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්

පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්