කාවන්තිස්සගේ මරණයේ ඇත්ත හොයන්න විපක්ෂය තේරිම් කාරක සභාවක් ඉල්ලයි
ගල්ගමුවේ කාවන්තිස්ස දළ ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වෙයි.
ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් අද (21) අදාළ යෝජනාවට අත්සන් තබා තිබේ.
එම යෝජනාව කථානායකවරයා වෙත භාරදීමට නියමිතය. රටේ ජාතික ස්වභාවික උරුමයක් ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් සත්යය හෙළි කර ගැනීම මෙම යෝජනාවේ ප්රධාන අරමුණක් බව සඳහන් වේ.
එමෙන්ම, සිද්ධියට සම්බන්ධ සියලු පාර්ශ්වයන් තම වගකීම් නිසි පරිදි ඉටු කර තිබේද යන්න සොයා බැලීම සහ කාවන්තිස්ස ඇතා වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ අවශ්යතාව ද අදාළ යෝජනාව මඟින් අවධාරණය කර තිබේ.
ඒ අනුව, කාවන්තිස්ස ඇතාගේ මරණය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂය ඉල්ලීමට සූදානම් වේ.