රුපියල් 100ක අල්ලසක් ගත් බස් නැවතුම්පොළේ වේලා සටහන්කරු අල්ලස් කොමිසමට කොටුවෙයි
රුපියල් 100ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්ත වේලා සටහන් නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (20) මධ්යහ්න 12.25ට පමණ රද්දොළුගම බස් නැවතුම්පොළේ පිහිටි වේලා සටහන්කරුගේ කුටිය තුළදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න
4මාර්ග අංක 188 රද්දොළුගම - කොළඹ බස් රථයක ගමන් වාරය නියමිත වේලාවට ආරම්භ නොකර ප්රමාද වී ආරම්භ කිරීමට ඉඩ සැලසීම සහ වාසිදායක ලෙස ධාවන වාරය ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් බස් රථයක සේවකයෙකුගෙන් මෙම රුපියල් 100ක අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.