පොලිසියෙත් වැඩ.. වෙලාවට අතේ පච්චයක් කොටලා තිබ්බේ නැත්තේ..

Report

යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය.

ඇගිලි ගනිමින් බලා සිටි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හෙටින් ඇරැඹේ ...

ඇගිලි ගනිමින් බලා සිටි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය හෙටින් ඇරැඹේ ...

කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාන්ඩි නමැත්තෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ඉල්ලීම සිදුවුණි.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමය වර්ධන යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගනු ලැබුවේ, මීගමුවපොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් සැරයන් දිසානායක, ප්‍රේමරත්න පොලිස් කොස්තාපල්වරුන් වූ රත්නසිරි, සේනාධිර සහ නානායක්කාර යන අයයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ණයටත් කාලා..

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ණයටත් කාලා..

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් ජනවාරි මස 16 වනදා තමන් මීගමුව අධිකරණයට ගොස් යළි වාහනයෙන් පැමිණි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් වාහනය ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවැත්වූ බවය.

ඉන්පසුව "අපි පොලීසියෙන්" යැයි සඳහන් කළ සිවිල් ඇඳුමින් සැරසි සිටි එම පිරිස තමන්ව පරීක්ෂා කර දෑතට මාංචු දැමූ බවත් තම දකුණු අතේ පච්චයක් තිබේදැයි පරීක්ෂා කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

පසුව තම අතේ පච්චයක් නොමැති බව තහවුරුවීමෙන් පසුව "මෙයා නෙවෙයි...වැරදීමක්" යනුවෙන් සඳහන් කරමින් එම පිරිස පිටව ගිය බවත් පෙත්සම්කරු කියා සිටියේය.

කමක් නෑ මහ ඡන්දෙන් පස්සෙ මේවා අපටමනේ කියල කට්ටියක් යන්නෙම නෑලු ඕන් ..

කමක් නෑ මහ ඡන්දෙන් පස්සෙ මේවා අපටමනේ කියල කට්ටියක් යන්නෙම නෑලු ඕන් ..

පසුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම නිලධාරීන් පිරිස මීගමුව පොලීසියට අනුයුක්ත පිරිසක් යැයි කරුණු තහවුරු කරගත් බවත් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.