අපවත්වී වදාළ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද රාජ්‍ය අනුග්‍රහයෙන්

Report

ගැටඹේ රාජෝපවනාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අපවත්වී වදාළ පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (21) පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙරට බෞද්ධ හා සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් සප්‍රමාණ සේවයක් ඉටුකළ උන්වහන්සේගේ දේහය මහජන ගෞරව උදෙසා මේ වන විට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ තැන්පත් කර තිබේ.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

දහවල් 12.30ට දේහයට මතක වස්ත්‍ර පූජා කර පැන් වඩා පුණ්‍යානුමෝදනා සිදුකිරීමට නියමිත බව විහාරස්ථානයේ භාරකාර පූජ්‍ය අකුරැස්සේ සිරිධම්ම විමල හිමියෝ පැවසූහ.

ඉන් අනතුරුව දේහය විහාරස්ථානයේ සිට ගැටඹේ නාගරික ක්‍රීඩාංගණය දක්වා පෙරහැරින් වැඩම කරවා තෛනිකායික මහා නායක හිමිවරුන් සහ අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ආදාහන පූජෝත්සවයේ කටයුතු සිදුකෙරේ.

හෙටින් පසු සියල්ල යථා තත්ත්වයට - විදුලි කප්පාදුව ගැන පළ වෙන අසත්‍ය චෝදනාවලට නලින්දගෙන් ප්‍රකාශයක්

හෙටින් පසු සියල්ල යථා තත්ත්වයට - විදුලි කප්පාදුව ගැන පළ වෙන අසත්‍ය චෝදනාවලට නලින්දගෙන් ප්‍රකාශයක්