හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර නැවත රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතා, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.

2022 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන අතරතුර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරමින් වැටුප් දෙකක් ලබාගත් බවට සුගීෂ්වර බණ්ඩාර මහතාට චෝදනා එල්ල වී තිබේ.

එම වැටුප් දෙකම ජනාධිපතිවරයාට අදාළ වියදම් ශීර්ෂය යටතේ ලබාගෙන ඇති බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න