ලකුණු 32කින් පාකිස්තානය ජය ගනී

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (10) දින සමත්ව ඇත.  

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද ආරම්භ කෙරුණු තරගයේ කාසියේ වාසිය අමෙරිකාව හිමිකරගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්‍ථානය ආරාධනා කර සිටියා.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 190ක් රැස් කර තිබුණා.

කාසියේ වාසිය අමෙරිකාව දිනයි

කාසියේ වාසිය අමෙරිකාව දිනයි

පිටියට පිවිසි සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 72ක්ද, බාබර් අසාම් ලකුණු 46ක්ද, ෂඩාබ් ඛාන් ලකුණු 30ක්ද රැස් කළ අතර පන්දු යැවීමේදී අමෙරිකාව වෙනුවෙන් ෂැඩ්ලි වැන් ෂෝල්ක්වික් කඩුළු 04ක්ද, සෞරභ් නේත්‍රවාල්කර්, මොහොමඩ් මොහ්සින්, හර්මීත් සිං එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් විය.

පසුව පිටියට පිවිසි අමෙරිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුළු 8ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 158ක් පමණයි.

එහිදී ෂයන් ජහන්ගීර් ලකුණු 49ක්ද, මිලින්ද කුමාර් ලකුණු 29ක්ද, සුභම් රංජනේ ලකුණු 51ක්ද අමෙරිකාව සඳහා රැස් කිරීමට සමත් වුණා.  

වනිඳුට අහිමි වුණ තැන දුෂාන් හේමන්තට දෙන්න ICCයෙන් අනුමැතිය

වනිඳුට අහිමි වුණ තැන දුෂාන් හේමන්තට දෙන්න ICCයෙන් අනුමැතිය

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා