වනිඳුට අහිමි වුණ තැන දුෂාන් හේමන්තට දෙන්න ICCයෙන් අනුමැතිය

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්ත කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා ICCයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව දුෂාන් හේමන්ත මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 3ක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙක් වේ.

අයර්ලන්තය එරෙහිව පෙබරවාරි 8 වැනිදා පැවැති තරගයේදී පාදයේ ආබාධයකට ලක්වීම නිසා වනිඳු හසරංගට විස්සයි20 තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වූ අතර ඊයේ දිනයේදී වනිඳු MRI පරීක්ෂණයකට මුහුණ දෙන ලදි.

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?

වනිදුට ලෝක කුසලානය මග හැරෙයිද?

ඒ අනුව වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන්, මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කළ බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය ලබන 12 වැනි දින ඕමානය සමඟ පැවැත්වෙයි.

එම තරගය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා

ලංකාවට එන ගුවන් ටිකට්පත්වල මිල ශීඝ්‍රයෙන් ඉහළට - තුන් ගුණයකින් වැඩි වෙලා

දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්

දැඩි මතභේදයට තුඩු දුන් ලොවම බලන් සිටි 15 තරගයට විශේෂ ආරක්ෂාවක් - ලංකාවටත් විශාල වගකීමක්