නැවතත් ඇවිලෙන යුධ ගිනිදැල් - පාකිස්තානයේ පළිගැනීමෙන් ජීවිත 130ක් මරු තුරුළට 200ට තුවාල
පාකිස්තානය විසින් තලේබාන් සටන්කරුවන් ඉලක්ක කර එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවෙන් තලේබාන් සටන්කරුවන් 130කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පකිස්තානය තහවුරු කර ඇත.
දේශසීමා ගැටලුවක් මුල්කර ගනිමින් ඇෆ්ගනිස්තානය මඟින් පාකිස්තානයට එල්ලකළ ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙන් පාකිස්තානය ඊයේ (26) දින රාත්‍රියේ මෙම ප්‍රහාර මාලාව එල්ල කර තිබෙනවා.
ඒ අනුව 'ගසබ් ලිල් හක්' ලෙසින් නම්කර ඇති මෙම මෙහෙයුම යටතේ පාකිස්තාන ගුවන් හමුදාව කාබුල්හි තලේබාන් හමුදා මූලස්ථානය ඇතුළු ස්ථාන රැසකට බෝම්බ හෙළා ඇත.
එම මෙහෙයුමේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමින් පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසිෆ් ප්‍රකාශ කර ඇත්තේ, ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ ආක්‍රමණයට සිය සන්නද්ධ හමුදා දැඩි ප්‍රතිචාරයක් දක්වන බවයි.
ඒ අනුව අවම ලෙස ඇෆ්ගන් තලේබාන් ක්‍රියාකාරීන් 133 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 200කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව පාකිස්තානය සඳහන් කරයි.