පාකිස්ථාන ප්‍රහාරයක් ගැන හෝඩුවාවක්...

Sri Lanka Sinhala news
By Akash Apr 25, 2025 06:12 PM GMT
Akash

Akash

Report

කොළඹ ඩොක්යාඩ් සමාගමේ මෙතෙක් ජපානය පසු පැවති 52%ක කොටස් ප්‍රමාණයක් ඉන්දියාවට ලබාදීමට සූදානමක් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

යුද ප්‍රහාරක නෞකා සහ සබ්මැරීන් නිෂ්පාදනය කරන ඉන්දියානු සමාගමක් වන මෙම ඉන්දීය සමාගම කොළඹ වරායේ සිය නිෂ්පාදන කටයුතු ඒ අනුව ආරම්භ කරනු ඇති බවද එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේය.

බදු නිදහස නිසා රජයට බිලියන 60ක් පාඩුයි!

බදු නිදහස නිසා රජයට බිලියන 60ක් පාඩුයි!

පාකිස්ථානය සහ ඉන්දියාව අතර යුධ ආතතියක් වර්ධමින් ඇති මොහොතක කොළඹ වරායේ ඉන්දීය යුද නෞකා නිෂ්පාදනය ආරම්භ කළොත් පකිස්ථානය විසින් කොළඹ වරායට ප්‍රහාරයක් එළ කළොත් එහි වගකීම භාර ගන්නේ කවුදැයි හෙතෙම ප්‍රශ්න කළේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

සදුදා නාවොත් රනිල් අත්අඩංගුවට?

සදුදා නාවොත් රනිල් අත්අඩංගුවට?


ReeCha