පද්මේ ෆෝන් එකේ කෝඩ් එකට ප්‍රසිද්ධ වීම වර්ගයක නමක් දාලා - හේතුවත් හෙළි කරයි

Report

මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ රඳවාගෙන සිටින කෙහෙල් බද්දර පද්මෙගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔහු ගණේමුල්ල සංජීව සහ පස් පොඩ්ඩා නැමැති පුද්ගලයන් ඝාතනය කිරීමට සැලසුම් කළ බවත් පාපෝච්චාරණය කර තිබේ.

ඒ වගේම  පද්මේගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ප්‍රසිද්ධ බීම වර්ගයක නමක් ,කේතයක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ද නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදී ඔහු පවසා ඇත්තේ එම බීම වර්ගයේ නම භාවිත කළේ කොකේන් මත්ද්‍රව්‍ය හැඟවීම සඳහා බවයි.

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

රියදුරන් කොට්ඨාසයකට විශේෂ බලපත්‍රයක් 31 වෙනිදාට කලින් ගන්න ඕනී - මෙන්න විස්තරේ

එමෙන්ම කොකේන්, හෙරොයින්, අයිස්, කුෂ් සහ කේරල ගංජා යන සියලු මත්ද්‍රව්‍ය මෙරට තුළ අලෙවි කළ බව ද ඔහු පිළිගෙන තිබෙනවා.

මේ අතර ගිනිඅවි සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කෙහෙල්බද්දර පද්මේ පවසා ඇත්තේ මේ වන විට තමා සතුව තිබු සියලු ගිනි අවි පොලිසිය විසින් සොයාගෙන ඇති බවත් තවත් එක් ගිනි අවියක් පමණක් තමා සතුව තිබෙන බවයි.

මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව

මම දුමින්ද සිල්වට සමාව දෙනවා - කෙනෙක් නිසා වෙනස් වුණු හිරුණිකාගෙන් දුමින්දට සමාව

එම ගිනි අවිය ද තමා භාර දීමට සූදානම් බව ඔහු පවසා තිබෙනවා. එමෙන්ම තම පියා ඝාතනය වූ පසු පාතාල ලෝකයට පැමිණි බව පද්මේ සඳහන් කළ ද ඔහුගේ පියා ඝාතනය වීමට පෙර ද පද්මේ විසින් පස් චමි නමැත්තෙකු ඝාතනය කර ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කළා.

ගනේමුල්ල සංජීව විසින් පද්මේගේ පියා ඝාතනය කර ඇත්තේ ඊට පළිගැනීමක් ලෙස බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා