පොළොන්නරුවේ ගොවීන්ට සතුටු හිතෙන ආරංචියක් - රුපියල් මිලියන 800ක් වෙන් කරයි
යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමට රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 800ක් ලෙස සඳහන්. මෙම ප්‍රතිපාදන යටතේ වී මෙට්‍රික් ටොන් 6700ක් පමණ මිලදී ගැනීමට බලාපොරොත්තු වේ.
එබැවින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නේ වී මිලදී ගැනීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වී අලෙවි මණ්ඩලය එක්ව සාර්ථකව ක්‍රියාත්මක කරයි.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි
මේ අතර දිස්ත්‍රික් ලේකම් සුසන්ත ඒකනායක මහතා පැවසුවේ වී මිලදී ගැනීමේ කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත රුපියල් මිලියන 600ක මූල්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙන බවයි.
අඳාළ මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බෙදා දී ඇත. එබැවින් ප්‍රාදේශීය මට්ටමින් සහල් මෝල් ඔස්සේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කෙරෙන අතර මෙම ක්‍රියාවලිය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හැට එකක් සම්බන්ධ වී සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.