දිට්වා ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කරන්නයි විපක්ෂයෙන් යෝජනාවක්
දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් විපක්ෂය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි විසින් ස්ථීර කරනු ලැබුවා.