අගමැතිගෙන් ප්‍රශ්න දෙක බැගින් ඇසීමට අවස්ථාව යළිත්
ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට අගමැතිවරයාගෙන් ප්‍රශ්න දෙක බැගින් විමසා පිළිතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුවේදී ලබාදෙන අවස්ථාව හෙට (10) සිට යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ කොවිඩ් තත්ත්වය මත පාර්ලිමේන්තුව නිසි පරිදි රැස් නොවූ පසුගිය කාලයේ මෙම ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ලබාදීමට හැකියාව නොලැබුණු බවය.
එසේම 2020 අංක 07 දරණ විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට හෙට ඉදිරිපත් කරන අතර, 1969 අංක 01 දරණ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ද ඉදිරිපත් කිරීමට නියමිතය.
එමෙන්ම එදින ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනට පවත්නා වීසා කාලය ප්‍රතිශෝධනය කිරීමට .
මීට අමතරව,1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් කරන ලද ආඥාවට අදාළ ගැසට් පත්‍රය 2021.11.10 බදාදා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටද 2021.11.09 රැස් වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
