රටේ ජනතාවට සුබම සුබ ආරංචියක් !!!! සඳුදා වෙන්න යන දේ මෙන්න

bus provincial
By Wasantha Jun 24, 2021 02:20 PM GMT
Wasantha

Wasantha

Report

සංචරණ සීමා ක්‍රියාත්මක වුවද ලබන සඳුදා දිනයේ සිට පළාත් මට්ටමින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, "කොවිඩ් කමිටුවේ සභාපතිතුමා අපිට දැනුම්දීලා තියෙන්නේ පළාත් අතර සංචරණ සීමා තියෙනවා කියලා. ඒ නිසා පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය කිරීම දැනට නොකළ යුතුයි.

අපි සාකච්ඡා කරලා බලනවා සඳුදා වෙනකොට අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය කිහිපයක් සහ බස් රථ කිහිපයක් පළාත් අතර ධාවනය කරන්න අවසර දෙනවද කියලා. ඒ අවසර ලැබුණොත් අපි පළාත් අතර ධාවනය වන බස් සහ දුම්රිය කිහිපයක් යොදවනවා කොවිඩ් කමිටුවේ අනුමැතිය ඇතිව. අනුමැතිය නොලැබුණොත් ධාවනය කරන්නේ නෑ."


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now