බාල වයස් කාර ඔන්ලයින් ලිංගික ජාවාරම්.. තොරතුරු රැසක්..

Online Traficking
By Sithumi Feb 23, 2022 11:00 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය වසරේ ජූනි මාසයේදී අත්අඩංගුවට ගත් බාලවයස්කාර දැරියක් සම්බන්ධ අන්තර්ජාල ලිංගික ජාවාරම් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල වැඩිදුර තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා

. ගල්කිස්ස ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වූ 15 හැවිරිදි දැරියක් යොදා ගනිමින් අන්තර්ජාලය හරහා ලිංගික ජාවාරම් සිදුකිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු ලෙස 36 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

  මෙම පුද්ගලයාට වෙන වෙනම බැංකු ගිණුම් අටක් තිබී ඇති අතර රුපියල් කෝටියකට අධික සැකකටයුතු මුදල් ගණුදෙනු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

මිලියන 45.6 ක් සිදුවී ඇත. මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවේ ස්ථිර රැකියාවක් හෝ පදිංචියක් නොලබන අයෙකු බවට වැඩිදුරටත් අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ. 

  මෙම පුද්ගලයා පසුගිය වසර 18ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල ගණිකා සේවයක් පවත්වාගෙන ගොස් ඇති බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now