Online භාණ්ඩ Order කරන අය දැනගත යුතුම රහස්
ඉස්සර වගේ shop එකට ගිහින් තෝරලා බඩු අරගෙන එන්න වෙලාවක් දැන් නැහැ.ඒ නිසා හැමෝම වැඩ කරන්නේ online.අද කාලේ ලෝකේ පුරාම තියන රැල්ලක් තමයි online බඩු order කරන එක එහෙමත් නැත්නම් තමන්ට භාන්ඩයක් මිලදී ගන්න අවශ්‍යනම් වෙළද පොලට නොගිහින් අන්තර්ජාලයේ තියන වෙබ් අඩවියක් මගින් භාන්ඩ හා සේවා මිලදී ගන්න එක.
ලොව පුරාම ප්‍රසිද්ධ විදේශිය වෙබ් අඩවි වලට අමතරව දේශීය වෙබ් අඩවිද බොහෝ ප්‍රමාණයක් තියනව .ඉතින් මේ වෙබ් අඩවි වලින් භාන්ඩ මිලදී ගන්න ගොඩක් දෙනෙක් මේ වෙන කොට ලොකු උනන්දුවකින් කටයුතු කරනවා අන්තර්ජාලය හරහා අවශ්‍ය භාණ්ඩ ඕඩර් කිරීම ලේසි වුණත් මෙතැනදී හිතන්න දේවල් ගොඩක් තියෙනවා.ඒ මොනවද කියලා Be Happy තුළින් අද ඔයාට කියන්නම්.
Seller and seller rating
මේක තමයි ගොඩක්ම වැදගත් දේ.මෙතැනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාට භාණ්ඩය අලෙවි කරන අලෙවි සැලට කලින් පාරිභෝගිකයන් දීලා තියන review ගැන හොඳට බලන්න.ඒ වගේම හොඳට භාණ්ඩ අලෙවි වෙන store එකකින් බඩු ගන්න.මොකද ඒ අයගේ භාණ්ඩ ඇත්තටම හොඳ නිසා තමයි වැඩි ප්‍රමාණයක් අලෙවි වෙන්නේ.
Shipping method
වටිනා සහ ඉක්මනින් අවශ්‍ය කරන භාණ්ඩයක් නම් ඒක shipping ක්‍රමය වෙනස් කරලා ඉක්මනින් ලැබෙන විදියට ඕඩර් කරන්න පුලුවන්. DHL හරහා සතියකින්ද EMS හරහා සති දෙකකින් සාමාන්‍යයෙන් භාණ්ඩයක් අපේ අතට ලැබෙනවා.හැබැයි හැබැයි Free shipping නම් ටිකක් කල් බලාගෙන ඉන්න වෙනවා.
Tracking කිරීම සහ විමසිලිමත් වීම
ඔන්ලයින් සයිට්වල ඕඩර් කරන භාණ්ඩය දැන් තිබෙන්නේ කොතැනද කියලා දැන ගන්න පුලුවන් ට්‍රැකින් පහසුකම සපයා තිබෙනවා. අපිට අපේ ඇනවුම කොතැන හරි හිර වෙලා නම් ඒ ගැන දැන ගන්න පුලුවන්. ඒ වගේම භාණ්ඩයක් ඇණවුම් කරල නිසි කාලය තුළ එය අපට ලැබුණේ නැත්නම් ඒ ගැන පැමිණිලි කිරීමට අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒ නිසා ඇණවුම ගැන අවම වශයෙන් මාසයක කාලයක්වත් තරමක සෙවිල්ලෙන් ඉන්න වෙනවා.
හැම භාණ්ඩයක්ම ඕනේ විදිහට ගෙන්වන්න පුලුවන් ද?
විදෙස් රටවලින් දුරකථන ගෙන්වනවා නම් විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්න හෝ යම් බදු මුදලක් ගෙවන්න වෙනවා.ඒ වගේම Drone වර්ග ගෙන්වනකොට ගුවන් හමුදාවෙන් අවසර ගන්න සිදු වෙන අවස්ථාවන් තියනවා. දැන් තේරෙනවා නේද online බඩු ගෙන්නන එකත් හිතන තරම් ලේසිපහසු දෙයක් නෙමෙයි කියලා.
මේ පියවර අනුගමනය කළොත් නම් හිර වෙන්නේ නැතුව භාණ්ඩයක් ගෙදරටම ඉක්මනින්ම order කරගන්න පුළුවන් .කොහොම වුනත් සල්ලි පරිස්සම් කරගෙන අන්තර්ජාලයෙන් බඩු ගෙන්න ගන්න අපි කියපු දේවල් ගොඩක් වැදගත් වේවි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
