වෑන් රථ අනතුරින් මිත්තණිය මරුට..පස් හැවිරිදි මුණුබුරාට බරපතලයි ..

By Piyumika Jul 27, 2024 02:17 AM GMT
Report

කටුගස්තොට පේරාදෙණිය මාර්ගයේ ගොහාගොඩ අසලදී කටුගස්තොට දෙස සිට පේරාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයේ වම් පසට ඇදී ගොස් කාන්තාවකගේ හා ඇගේ 05 හැවිරිදි මුණුබුරාගේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවකද ගැටී ඇතැයි වාර්තාවේ .

මොකක්ද මේ ලෝකයට බලපාන අලුත්ම වසංගතය ..

මොකක්ද මේ ලෝකයට බලපාන අලුත්ම වසංගතය ..

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මහනුවර ජාතික රෝහලටද දරුවා පේරාදෙණිය ළමා රෝහලටද ඇතුළත් කර ඇති අතර, එහිදී කාන්තාව මියගොස් තිබේ .

මිය ගිය කාන්තාව 76 හැවිරිදි ගොහාගොඩ, කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකාරියකි .

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..

අද ඔබට විරුද්ධ ලිංගිකයන්ගෙන් ආදරය, කරුණාව ලැබෙන දවසක්..තරුණ ඔබ පරිස්සම් වන්න..

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරුද තුවාල ලබා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, අනතුර සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි සඳහන් වනුයේ .