ඔමික්‍රෝන් ඇමරිකාවත් ආක්‍රමණය කරයි

COVID19 VACCINATION AMERICA OMICRON CALIFORNIA
By Sewvandhi Dec 02, 2021 01:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයෙකු අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගෙන තිබේ. දකුණු අප්‍රිකාවෙන් ඉකුත් සතියේ මුල් වරට හඳුනාගත් ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට ලොව රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව 366කි. වෛරසය පැතිරුණු නවතම රට බවට පත්වී තිබෙන්නේ ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් සහිත අමෙරිකාවය.

එරට කැලිෆෝනියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සිට නොවැම්බර් 22 වැනි දා යළි අමෙරිකාව වෙත පැමිණ තිබුණි. ඔහු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබුණේ පසුගිය 29 වැනි දිනය.

ඔහුගේ සමීපතම ආශ්‍රිතයන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් නොවන බවට තහවුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

බටහිර අප්‍රිකානු රටක් වන ඝානාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද මේ වන විට නව කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW