ගිරිඋල්ලේදී තරුණ ජීවිතයක් බිලිගත් දරුණු රිය අනතුර - යතුරුපැදිය ට්‍රැක්ටරයක ගැටෙයි

Report

ගිරිඋල්ල, පහල කටුගම්පල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක ටේලරයේ පිටුපස ගැටී එම අනතුර සිදුව ඇති බවයි.

  මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹදෙණිය රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බව සදහන් වේ.,

මෙලෙස මියගොස් ඇත්තේ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය සිද්ධිය වැඩිදුර විමර්ශන සිදු කරයි.