ගෙදරදීම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට - පරිගණකයක් සහ ස්කෑන් යන්ත්‍ර උපකරණ රැසක් සොයාගනී

Report

නිවසේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට සැකපිට 53 හැවිරිදි පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත මිරිහාන, කෝට්ටේ පාර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

වැටලීමේදී ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5,000 නෝට්ටු 07ක්, රුපියල් 1,000 නෝට්ටු 06ක් සහ රුපියල් 500 නෝට්ටුවක් සොයාගෙන තිබේ.

මීට අමතරව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන පරිගණකයක්, ස්කෑන් යන්ත්‍රයක් ඇතුළු උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

  අත්අඩංගුවට ගත් සැකකරු පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු වන අතර, ඔහු අද (09) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

අද රටේම කාලගුණය වෙනස් වෙයි - විශේෂයෙන් මේ පැති වල ජනතාව ප්‍රවේශම් වෙන්න

අද රටේම කාලගුණය වෙනස් වෙයි - විශේෂයෙන් මේ පැති වල ජනතාව ප්‍රවේශම් වෙන්න

මජිඩ් පෙදෙස පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් - කොලොන්නාවේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන ඇරඹෙයි

මජිඩ් පෙදෙස පිරිසිදු කිරීමේ දැවැන්ත මෙහෙයුමක් - කොලොන්නාවේ “අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහන ඇරඹෙයි

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...