ප්‍රදේශයම භීතියට පත් කරමින් කඳ නොමැති මිනිස් හිසක් හමුවේ
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ, වැල්ලවාය තුනේ කණුව ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි කැළෑබද ප්‍රදේශයක තිබී කඳ නොමැති මිනිස් හිසක් හමුවී ඇති බව පොලීසිය පවසයි.
සැක සහිත ලෙස හමුවූ මෙම මිනිස් හිස පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති අතර, එය මීට දින කිහිපයකට පෙර මරණයට පත් වූ පුද්ගලයකුගේ හිසක් බවට පොලීසිය මූලික වශයෙන් අනුමාන කරයි.
මෙම අවාසනාවන්ත සිද්ධිය පිටුපස යම් බරපතළ අබිරහසක් පවතින බවට සැක පළකරන වැල්ලවාය පොලීසිය, ඒ පිළිබඳව සියලු කෝණවලින් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.