සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී අතුරුදන් වූ විදේශිකයාගේ සිරුර හමුවේ

Report

වැලිගම මුහුදු තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී දියවැලකට හසුවී අතුරුදහන්ව සිටි විදේශිකයාගේ මළ සිරුර අද (09) පෙරවරුවේදී අදාළ වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙරට සංචාරය සඳහා පැමිණි 21 වැනි වියේ පසුවූ ටියුනීසියානු ජාතිකයෙකි.

ටියුනීෂියානු ජාතික සංචාරකයන් පිරිසක් ඊයේ (08) පස්වරුවේදී වැලිගම, පරණ කඩේ වෙරළ තීරයේ සර්ෆ් ක්‍රීඩාවේ යෙදී සිටිති.

ජපානය අනතුරේ - ප්‍රචණ්ඩ ඩොල්ෆින් සුළි කුණාටුව පැයට කිලෝමීටර 198ක වේගයෙන් සියල්ල වනසයි

ජපානය අනතුරේ - ප්‍රචණ්ඩ ඩොල්ෆින් සුළි කුණාටුව පැයට කිලෝමීටර 198ක වේගයෙන් සියල්ල වනසයි

එම අවස්ථාවේදී මුහුදේ ඇති වූ දැඩි සුළං තත්ත්වයත් සමඟ ක්‍රියාත්මක වූ ප්‍රබල දියවැලකට හසුව මෙම සංචාරකයා ක්ෂණිකව නොපෙනී ගොස් අතුරුදහන්ව තිබේ.

සිද්ධියෙන් පසුව අතුරුදහන් වූ සංචාරකයා සොයා පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායම්, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශයේ පෞද්ගලික කිමිදුම්කරුවන් එක්ව දැවැන්ත සෙවුම් මෙහෙයුමක් දියත් කළද ඊයේ දිනය පුරාම ඔහුව සොයා ගැනීමට නොහැකි විය.

යුක්රේන අගනුවර දෙදරුම් කයි - දැවැන්ත පිපිරීමක් සමඟ එල්ල වූ බැලස්ටික් ප්‍රහාරයකින් කියෙව් නගරය කැළඹෙයි

යුක්රේන අගනුවර දෙදරුම් කයි - දැවැන්ත පිපිරීමක් සමඟ එල්ල වූ බැලස්ටික් ප්‍රහාරයකින් කියෙව් නගරය කැළඹෙයි

කෙසේ වෙතත්, අතුරුදහන් වූ මෙම සංචාරකයාගේ සිරුර අද උදෑසන වැලිගම පරණ කඩේ වෙරළ තීරයට ගොඩගසා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.