දිවයින පුරා පොලිස් දැල එලෙයි - පැය 24ක් තුළ 33,000කට වැඩි පිරිසක් පරීක්ෂාවට - 437ක් අත්අඩංගුවට

Report

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් තුළින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් 437ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කර තිබේ .

ඒ අනුව ඊයේ (08) දිනයේදී පුද්ගලයින් 33,024ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

පොලීසිය සදහන් කළේ මෙම සැකකරුවන්ගෙන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව පුද්ගලයින් 15ක් හඳුනාගත් අතර විවෘත වරෙන්තුකරුවන් 135ක්ද අත්අඩංගුවට ගත් බවයි

හෙට තීරණාත්මක දවසක් - ගැටුම් ඇති කරගත් රැඳවියන් ගැන වාර්තාව හෙට

හෙට තීරණාත්මක දවසක් - ගැටුම් ඇති කරගත් රැඳවියන් ගැන වාර්තාව හෙට

තවද මෙම සෝදිසි මෙහෙයුමේදී බීමත්ව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 65ක් සහ අපරික්ෂාකාරීව රිය පැදවීමේ චෝදනා මත පුද්ගලයින් 68ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ

මේ අතර පොලීසිය සඳහන් කළේ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 4,189කට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.  

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කුවේට් ගමනාන්තයට සුබ ආරංචියක් - සතියට දින 6ක්ම ගුවන් ගමන් යළි ඇරඹෙයි

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් කුවේට් ගමනාන්තයට සුබ ආරංචියක් - සතියට දින 6ක්ම ගුවන් ගමන් යළි ඇරඹෙයි