ඇමරිකානු ඉරාන යුද්දය තීරණාත්මක තැනකට - හෝමුස් විවෘත කරන්න ඉරානයෙන් අමෙරිකාවට පැනවු කොන්දේසි මෙන්න

Report

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට පෙර අමෙරිකාව විසින් සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඉරානය විසින් ඉදිරිපත් කර තිබේ. ඉරානයේ ජාතික ආරක්ෂක ප්‍රධානී මොහොමඩ් බාගර් සොල්ගද්ර් විසින් මෙම කොන්දේසි ඉදිරිපත් කර ඇති අතර, ඒවා එරට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කර ඇත.

අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන නාවික අවහිරතාව ඉවත් කිරීම, සිය හමුදා බලකා ඉවත් කර ගැනීම සහ යුද්ධය ස්ථිරව අවසන් කිරීම එම කොන්දේසි අතර ප්‍රධාන වේ. මීට අමතරව ගැටුම් හේතුවෙන් ඉරානයට සිදුවූ හානි සඳහා වන්දි ලබාදීම සහ අමෙරිකාව විසින් රඳවාගෙන ඇති ඉරාන වත්කම් නිදහස් කිරීමද ඉරානය ඉල්ලා තිබේ.

ඉරාන ආරක්ෂක ප්‍රධානියා අවධාරණය කර ඇත්තේ අමෙරිකාව සිය ප්‍රතිපත්තිය වෙනස් කරන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත නොකරන බවයි. මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය කළමනාකරණය සම්බන්ධයෙන් ඕමානය සමඟ එකඟතාවකට පැමිණීමට ඉරානය ඉතා ආසන්නව සිටින බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කර තිබේ.

ස්පාඤ්ඤයේ සඳ සූර්යයා වසර 121කට පසු සම්පූර්ණයෙන් වසා ගනී - ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

ස්පාඤ්ඤයේ සඳ සූර්යයා වසර 121කට පසු සම්පූර්ණයෙන් වසා ගනී - ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්

කෙසේ වෙතත්, සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම වෙනත් කොන්දේසි කිහිපයකටද යටත් වන බව ඔහු පෙන්වා දී ඇත. ජුනි මාසයේදී දෙරට අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අමෙරිකාව විසින් උල්ලංඝනය කළ බවට ඉරානය කරන චෝදනාව සම්බන්ධයෙන්ද පියවර ගත යුතු බව ඔහු සඳහන් කර තිබේ.

ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත්තේ මෙම සාකච්ඡා “ධනාත්මක සහ සාධනීය” ආකාරයෙන් සිදුවන බවයි. යුද්ධයෙන් ඉවත් වීමට අමෙරිකානු හමුදාවෙන් ඉඟියක් මේ අතර, ඉරානය සමඟ පවතින යුද්ධයෙන් ඉවත් වීම සඳහා විකල්ප මාර්ගයක් සොයාගැනීමේ අවශ්‍යතාව අමෙරිකානු ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් විසින් ඉහළ පෙළේ නිලධාරීන් හමුවේ පෞද්ගලිකව අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ගැටුම තවදුරටත් උත්සන්න කිරීම සඳහා සලකා බලමින් සිටින හමුදාමය ක්‍රියාමාර්ග ප්‍රතිවිපාකදායක විය හැකි බවත්, ගුවන් ප්‍රහාර පමණක් මගින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කරගැනීම අපහසු බවත් කරුණු දන්නා මූලාශ්‍ර තුනක් සඳහන් කර තිබේ.

ජෙනරාල් කේන්, CIA අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ඇතුළු ජනාධිපති ට්‍රම්ප්ගේ ඉහළ පෙළේ උපදේශකයින් සමඟ මෙම කරුණු පිළිබඳ සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානය තුළට ගොඩබිම් හමුදා යැවීම සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් නොදක්වන අතර, ගුවන් ප්‍රහාර මගින් ඉරානයට තම කොන්දේසිවලට එකඟ වීමට බල කළ හැකි බවට ඔහු විශ්වාස කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් ඉහළ පෙළේ නිලධාරීන් පෞද්ගලිකව විශ්වාස කරන්නේ එවැනි ප්‍රතිඵලයක් අත්කර ගැනීම අපහසු බවයි. ඒ අනුව, ජනාධිපතිවරයා විසින් පනවා ඇති සීමාවන් තුළ වෙනත් විකල්ප සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බවද සඳහන් වේ.

ජපානය අනතුරේ - ප්‍රචණ්ඩ ඩොල්ෆින් සුළි කුණාටුව පැයට කිලෝමීටර 198ක වේගයෙන් සියල්ල වනසයි

ජපානය අනතුරේ - ප්‍රචණ්ඩ ඩොල්ෆින් සුළි කුණාටුව පැයට කිලෝමීටර 198ක වේගයෙන් සියල්ල වනසයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න