පුද්ගලයෙකු බස් රථයක ගැටී මරුට- රියදුරු අත්අඩංගුවට
By Kanchana
කෑගල්ල, මොලගොඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ කෑගල්ල කොළඹ මාර්ගයේ කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක, මාර්ග හරහා ගමන් කළ පදිකයෙකු ගැටීමෙනි.
තවද අනතුරින් තුවාල ලැබූ පදිකයා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක් වූ මොලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබද කෑගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි