‘ඕටී’-‘ෆින්ගර් ෆ්‍රින්ට්’ පිළිගෙන ආවොත් ඉල්ලීම් ගැන සාකච්ඡා කිරීමට මම සූදානම් - ඇමති නලින්ද

Report

වැඩි කළ අතිකාල දීමනාවලට එකඟ වී ඇගිලි සලකුණු යන්ත්‍රය හරහා පැමිණීමේ ක්‍රමවේදයට අනුකූලව කටයුතු කළහොත්, තැපැල් සේවකයන්ගේ සහ වෘත්තීය සමිතිවල ඉතිරි ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කිරීමට තමා සූදානම් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනාව 'ලොකුවටම' වැඩි කර ඇති බවත්, තවත් සතයක්වත් වැඩි කිරීමට ඉඩක් නොමැති බවත් පැවසූ අමාත්‍යවරයා, දෙපාර්තමේන්තුව උපයන මුදලින් සියයට 70ක්ම වැටුප් සහ අතිකාල දීමනා සඳහා වැය වන බවද සඳහන් කළේය.

නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග

නීතිය කැඩූ ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝග

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මෙම වැඩවර්ජනය දේශපාලන වුවමනාවක් මත සිදුවන බව තමාගේ විශ්වාසය බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ඓම්. උදුමා ලෙබ්බේ මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මෙන්න රට යන්න අවස්ථාවක් - තායිලන්තෙට ලාංකික ශ්‍රමිකයින් 10,000ක් ඕනෙලු

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්