ඔමික්‍රොන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතුව මෙන්න
By Sithumi
ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට හේතු වී ඇති කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබෙනවා.
ඒ, එම සංවිධානයේ කොවිඩ් 19 තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් විසින්. මේ සඳහා ඉවහල්වන ප්‍රධාන හේතුව වශයෙන් දැක්වූයේ ඔමික්‍රොන් ප්‍රභේදයට මිනිස් සිරුරේ සෛලවලට පහසුවෙන් සම්බන්ධ වීමට ඇති හැකියාවයි.
එන්නත්කරණයෙන් හෝ රෝගය වැළඳීමෙන් ඇතිවන ප්‍රතිශක්තිය මගහැරීමට පවතින හැකියාව ඔමික්‍රොන් ප්‍රභේදය සතුවන බව සඳහන්.
ස්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඔමික්‍රොන් ප්‍රභේදය ප්‍රතිගුණනය වීම ද තවත් හේතුවන් වනවා. මීට අමතරව ජනතාව ඒකරාශී වීම, සමාජ දුරස්ථභාවය ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැදීම මෙන්ම ඇතැම් රටවලට බලපා ඇති ශීත ඍතුවද ජනතාව වැඩි වශයෙන් ගොඩනැගිලි තුළ රැඳී සිටීම වැනි කරුණුද මෙයට බලපා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |