ඔමික්‍රෝන් ආසාදිතයෙකු හමුවූ තැනක සෙසු අය පොලීසිය මග හරියි....
බේරුවල චීන කොටුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු කොරෝනා ඔමික්‍රොන් ආසාදිතයකු බවට හඳුනා ගැනීමෙන් පසු එම මැණික් ව්‍යාපාරික වෙළඳපොලේ සෙසු ව්‍යාපාරික පුද්ගලයන් පි.සි.අර්. පරීක්ෂාවට ලක් කිරීමට බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තත් කිසිදු පුද්ගලයකු මෙම ස්ථානයේ සිදුකළ පි.සි.අර්. පරීක්ෂණයට පෙනී සිටීමට ඉදිරිපත් වී නොමැති බව සෞඛ්‍ය අංශ මෙන්ම බේරුවල පොලිසිය ද සඳහන් කළහ.
මෙම පරීක්ෂණ සිදුකරන බව පෙරදිනමැණික් ව්‍යාපාරික සංගමයේ නිලධාරීන් හා ස්ලාම් පල්ලි සංගමය මගින් දැනුවත් කර තිබුනත් ඔවුන් ඒ සඳහා ඉදිරිපත් වී නොමැති බවයි වාර්තා වන්නේ .
මේ තත්ත්වය මත නැවතත් සෞඛ්‍ය හා බේරුවල පොලිසිය ඒකාබද්ධව ප්‍රචාරක රථයක් මගින් පූර්ව දැනුම් දීමක් සිදු කර වෙනත් දිනයක එම පරීක්ෂණය සිදු කරන්නට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක්ද කරතිබෙ. අද 3දිනයේ පුද්ගලයන් 200 දෙනකුගෙ එන්නත් මාත්‍රා කාඩ්පත්;මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් පරික්ෂා කළ අතර ඉන් බොහෝ දෙනකු එන්නත් මාත්‍රා දෙකක් ගෙන තිබූ බවයි එම එම නිලධාරීන් සඳහන් කළේ .
බේරුවල මැණික් වෙළඳපොලේ සිදුකළ ෆයිසර් එන්නත් ලබා දීමේ වැඩසටහනේදී සුළු පිරිසක් පමනක් එම එන්නත ලබා ගැනීමට ඉදිරි පත්ව තිබේන බව කියයි .මෙම තත්ත්වය මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙන්ම පොලීසියද සුදු තාවයට පත් ව තිබේ.