නව කොවිඩ් ප්‍රභේදය ගැන ලංකාව ගත් තීරණය මෙන්න.

Covid South Africa Sri Lanka Chandima jeewandara Omicron Covid viruses
By Aruna Nov 28, 2021 07:06 AM GMT
Aruna

Aruna

Report

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් (Omicron) නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා වන සියලු නිර්නායක මේ වනවිට ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය.

නව වෛරස් ප්‍රභේදය පි.සි.ආර් පරීක්ෂණයකින් හඳුනා ගැනීමට හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ “s” ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ දක්නට ලැබෙන බව ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

ඒ හේතුවෙන් ජනතාව නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් අවධානයෙන් කටයුතු කළයුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now